27.2 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් කරුණු හෙළිවෙයි

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ තවත් කරුණු හෙළිවෙයි

මිද්දෙණියේ දී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ, ඔහුගේ දියණිය සහ පුතුගේ ඝාතකයන් පිළිබඳ තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙම ත්‍රිත්ව ඝාතනයට සැකපිට සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මිද්දෙණිය පොලිස් වසමේ දෙබොක්කාව හා වීරකැටිය පොලිස් වසමේ අග්‍රහැර හන්දිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම සැකකරුවන් අවුරුදු 37 හා 39 වයස්වල පසුවන වලස්මුල්ල හා වීරකැටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

එමෙන්ම ඔවුන් දෙදෙනාම යුධ හමුදා හිටපු සෙබළුන් බවත්, මොවුන් යුධ හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී ඇති බව අනාවරණය වී තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරයි.