28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිද්දෙණිය සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මිද්දෙණිය සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මිද්දෙණිය – කඩේවත්ත ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතන සිදුවීමට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි මස 18 වැනි දා රාත්‍රී 10.30ට පමණ අරුණ විදානගමගේ නමැති 39 හැවිරිදි ගල්පොත්තාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය යතුරුපැදියෙන් දරුවන් දෙදෙනා සමග ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වුණා.

එහිදී අරුණ විදානගමගේ නමැත්තා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සය හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුතු ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහල් වෙත ඇතුළත් කළා.

නමුත් සය හැවිරිදි දියණිය පෙරේදා (19) අලුයම දී ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වූයේ.

09 හැවිරිදි පිරිමි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු විසින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණ ද එම දරුවා ද ඊයේ (20) පෙරවරුවේ දී ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ දහවල් වන විට මියගිය අරුණ විදානගමගේ නමැත්තාගේ සහ දියණියගේ මෘත දේහ රෝහල විසින් ඥාතීන්ට භාර දී ඇති අතර එම දේහ ඔවුන්ගේ නිවෙස වෙත ගෙන ආවා.

ඊයේ දහවල් කාලයේ දී මියගිය පුතුගේ දේහය භාරගැනීමට විදෙස්ගත ව සිටි ඔහුගේ මව පැමිණි බවයි වාර්තා වූයේ.

මෙලෙස ඝාතනයට ලක් වූයේ ‘කජ්ජා’ ලෙසින් හැඳින්වූ අයෙක් බවත් වාර්තා වුණා