මෙවර මහ කන්නයේ මිලදී ගැනීමට නියමිත වී මෙටි්‍රක් ටොන් මිලියන 26ක් වෙනුවෙන් රුපියල් බිලියන 325ක් අවශ්‍යව ඇතත් රජය ඒ සඳහා රුපියල් බිලියන 05ක් වෙන්කර තමනට ‘පාට්’ දමන බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
කොළඹ පැවැති උත්සවයකදී මෙවර අයවැය පිළිබඳව අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, “මෙවර අයවැයෙන් පොහොර සඳහා මිලියන 35,000ක් වෙන් කර තිබෙනවා. 1994 දී බලයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් ඒ කාලයේ පොහොර සඳහා රුපියල් මිලියන 42,000ක් වෙන් කරා.”
“සහල් මිල අඩු නොකිරීමේ ‘මාෆියාව’ අපි කියලා තමන්ගේ නොහැකියාව වසාගන්න ඔවුන් ක්‍රියාකරනවා. මම හිටපු ජනාධිපතිවරයකුගේ මල්ලි කෙනෙක්. මම දන්නවා වැඩ වෙන විදිහ. හැම දේශපාලකයාටම අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳීමට නෙවෙයි.”
“අද පොලුත් නෑ කන්න හාලුත් නැහැ එළවළුත් නෑ අපිට ‘මාෆියාව’ කිය කියා ඉන්නවා. අද රුපියල් 30,000ට වැඩ කරන්න මිනිස්සු නැහැ. බජට් එකක මේ ගැන කතා කිරීම මෝඩ කමක්. වී මෙටි්‍රක් ටොන් මිලියන 26ක් කිලෝවට රුපියල් 125ක් බැගින් මිලදී ගන්න රුපියල් බිලියන 325ක් වැය වෙනවා. රජය එයට බිලියන 05ක් වෙන් කරලා අපිට ‘පාට්’ දැමීම හරිද,” යැයි ඔහු ප්‍රකාශ කළේය.