28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද ප්‍රදේශ කිහිපයකට වැසි

අද ප්‍රදේශ කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (22) දින නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, 24 වන දින සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි තත්ත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද දින සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේද ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.