28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසංජීව ඝාතනයේ වෙඩික්කරුගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති පරිදි, පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය සිදුකිරීමට ඉතා ආසන්න මොහොතක, විදේශගතව සිටි කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා වට්ස්ඇප් හරහා වෙඩික්කරු සමග සන්නිවේදනයේ යෙදී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අතර සිදුවූ සන්නිවේදනයේදී, කමාන්ඩෝ සලින්ත වෙඩික්කරුට උපදෙස් දෙමින්, “ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව” යනුවෙන් පවසා ඇත.

වෙඩික්කරු තත්ත්වය තහවුරු කර ගැනීමට “ඇතුළේ අවුලක් නැද්ද? මම ඇතුළේ” යැයි විමසා ඇති අතර, කමාන්ඩෝ සලින්ත ඊට පිළිතුරු දෙමින් “නෑ ගහන්න, සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි” යැයි පවසා තිබේ.

වෙඩික්කරු පොලීසිය පිළිබඳව විමසා සිටි අතර, පෙරවරු 9.48ට කමාන්ඩෝ සලින්ත “ඔක්කොම හරි. ඔයා ගහන්න” යනුවෙන් තහවුරු කර ඇත. පෙරවරු 9.54ට වෙඩික්කරු විසින් කමාන්ඩෝ සලින්තට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.

ඝාතනයෙන් පසු, වෙඩික්කරු සංජීවගේ මරණය තහවුරු කර ගැනීමට විමසා සිටි අතර, කමාන්ඩෝ සලින්ද ඒ බව තහවුරු කර ඇත. ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ කෘතඥතා පණිවිඩ වලින් ඔවුන්ගේ සමීප සබඳතාවය පිළිබිඹු වී ඇත.

මෙම සිද්ධිය පසුගිය 19 වැනි දින අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී සිදුවූ අතර, එහිදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කරන ලදී.