30 C
Colombo
Monday, October 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආණ්ඩුවේ පැටිකිරිය මහාචාර්ය නිර්මාල් දේවසිරි හෙළි කරයි

ආණ්ඩුවේ පැටිකිරිය මහාචාර්ය නිර්මාල් දේවසිරි හෙළි කරයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා පවසන්නේ වත්මන් රජයට රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් අඩු නිසා ඔවුන් තවමත් රඟ දක්වන්නේ විපක්ෂයේ භූමිකාව බවයි.

මාලිමා පක්ෂය ආණ්ඩු බලය ලබාගෙන මාස තුනක් ඉක්මවා ඇතත් තවම ඔවුන් තුළින් රාජ්‍ය පාලන දැක්මක් නොපෙනෙන බැවින් එය ලැජ්ජාවට කරුණක් බව ද ඔහු සඳහන් කරයි.

මේ වන විට රට තුළ පාතාල ක්‍රියාකාරකම් වැඩි වී ඇති බවත්, එය මර්දනය කිරීම සඳහා රජයේ වැඩපිළිවෙලක් දැකගත නොහැකි බවත්, ඔවුන් ක්‍රියාවට වඩා කථාවට දක්ෂ බව නම් පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.