25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝලී යළි වාර්තා පොතට

කෝලී යළි වාර්තා පොතට

ඉන්දියාව පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ (23) පැවති ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරග කඩුළු 6කින් ජය ගැනීමට සමත් විය.

තරගයේදී කාසියේ වාසිය දිනූ පාකිස්ථානය මුලින්ම පන්දුවට පහර දුන් අතර, පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 241ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 42යි පන්දු 3ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මෙම ජයග්‍රහණය සමඟ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති අතර, තරගාවලියේ සත්කාරක පාකිස්ථානය මූලික වටයෙන්ම ඉවත්වීමේ අවදානමකට මුහුණ පා සිටී.

විරාත් කෝලී නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් සිය 51 වැනි එක්දින ශතකය වාර්තා කළේය. මෙම තරගයේදී ඔහු එක්දින ජාත්‍යන්තර ලකුණු 14,000 සීමාව ද ඉක්මවා ගියේය. ඉනිම් 287කින් මෙම සීමාව පසු කළ ඔහු, එය අවම ඉනිම් සංඛ්‍යාවකින් සිදු කළ ලොව පළමු පිතිකරුවා බවට පත්විය. මීට පෙර මෙම වාර්තාව හිමිව තිබූ සචින් තෙන්ඩුල්කාර් ඉනිම් 350කින් ලකුණු 14,000 සීමාව පසුකර තිබිණි.