30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාප් වහන්සේගේ තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්

පාප් වහන්සේගේ තත්ත්වය ගැන වතිකානුවෙන් නිවේදනයක්

වතිකානය විසින් නිවේදනය කර ඇති පරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ “අසාධ්‍ය” තත්ත්වයක පසුවන නමුත්, උන්වහන්සේගේ ශ්වසන අර්බුදය උත්සන්න වී නොමැති බව සඳහන් කරයි.

උන්වහන්සේට ඔක්සිජන් ප්‍රතිකාර හා රුධිර පාරවිලයන ප්‍රතිකාර ලබාදී තිබේ. රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ උන්වහන්සේගේ වකුගඩු අකර්මන්‍ය තත්ත්වයක පවතින බව වන අතර, මෙම තත්ත්වය වෛද්‍ය පාලනය යටතේ පවතී.

පාප් වහන්සේ දින කිහිපයක් තිස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළුණු අතර, පසුගිය 14 වැනි දින රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරන ලදී. මුලදී උන්වහන්සේට බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබා දුන් අතර, පසුව උන්වහන්සේගේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව ඇති බව හඳුනාගන්නා ලදී. ඊට අමතරව, ඊයේ දින උන්වහන්සේගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩු වූ තත්ත්වයකටද මුහුණ දී ඇත.

තම සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දෙවන සතියටත් සාම්ප්‍රදායික ඇන්ජලස් යාක්ඤාව පෞද්ගලිකව සිදු කිරීමට නොහැකි බැවින්, තමා වෙනුවෙන් යාක්ඤා කරන ලෙස පාප් වහන්සේ කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.