26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට

පාකිස්තානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාරක පාකිස්තාන කණ්ඩායමට මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමටද ඉවත් වීමට සිදුවිය.

බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට සමත් වීම මෙම තත්ත්වයට හේතු විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළදී කඩුලු 5ක් පමණක් අහිමි කරගනිමින් ජයග්‍රහණය සනිටුහන් කළේය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍රා ලකුණු 112ක් ලබා ගැනීමට සමත් විය.

මෙම ප්‍රතිඵලය නිසා, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීත් පාකිස්තාන හා බංග්ලාදේශ කණ්ඩායම් දෙකම චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය.

වර්තමානයේ එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින්නේ නවසීලන්ත කණ්ඩායම වන අතර, ඒ කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම රැඳී සිටී.