25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් විශේෂ උපකරණයක්

වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් විශේෂ උපකරණයක්

දුම්රියේ ගැටී අලි අනතුරට පත්වීමේ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වනවා.

පසුගිය දිනවල දුම්රියේ ගැටී අලින් 7 දෙනෙකු මියගියා.

මෙම ගැටලුවට විසදුමක් ලෙස විශේෂ උපකරණයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සමත්ව තිබෙනවා.

දුම්රියේ ගැටී වන අලින් මරණයට පත්වීම වැළැක්වීම උදෙසා කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන් සුවිශේෂී උපකරණයක් නිෂ්පාදනය කිරීමට පේරාදෙණිය ඉංජිනේරු පීඨය කටයුතු යොදා තිබෙනවා.

එම පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසන්නේ නව උපකරණය අත්හදාබැලූ අතර එය සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් බවයි.

වන අලියෙක් මීටර් 500ක් පමණ දුරකින් දුම්රිය මාර්ගයේ සිටියද මෙම උපකරණය මගින් ඒ බව දුම්රිය රියදුරාට දැනුම්දීමක් සිදුකරන බව ඔහු පෙන්වා දුන්නා.

දුම්රිය හා වනජීවී දෙපාර්තමේන්තු ඇතුළු අදාළ අංශ මේ සඳහා අනුමැතිය දී තිබෙනවා.

මෙවන් උපකරණ 4ක් අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දුන් බවද පීඨාධිපතිවරයා සඳහන් කළා.