25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරක් අයිනේ සිසුවෙකු දණගස්වා කළ කැත වැඩේ

පාරක් අයිනේ සිසුවෙකු දණගස්වා කළ කැත වැඩේ

පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන අවස්ථාවක් දැක්විණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථයක් එනතුරු රැඳී සිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙකුට මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කර තිබේ.
තොරතුරු වාර්තා අනුව සිද්ධියට පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී ඇත.
පොලීසිය අනෙක් සැකකරුවන් දෙදෙනා සොයමින් විමර්ශන කටයුතු සිදු කරන අතර, අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හෙට (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.