27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකළාය.

ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරදීය.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් එක් එක් හිටපු ජනාධිපතිවරුන්ට විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් මෙසේ අනාවරණය කළාය:

2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3,572

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126

2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8ක්

අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළේ 2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව ය.