27.8 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

මෝටර් රථයක් දුම්රියේ ගැටී අනතුරක්

අද (01) දහවල් බිහිසුණු අනතුරක් සිදුවී ඇති අතර, එය මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූවකි.

වැලිගම පොලිසිය සඳහන් කළ ආකාරයට, අනතුරෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

මෙම අනතුර සිදුවී ඇත්තේ වැලිගම, හෙට්ටිවීදිය, දෙවන පටුමග පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී ය.

පොලිසිය පවසන පරිදි, වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී තිබේ.

පැවසෙන ආකාරයට, මවක් සිය දියණිය අමතර පංතියකට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් වැලිගම නගරයට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථය පැදවූ මව සහ ඇගේ දියණිය තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

වැලිගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.