28.2 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඇය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.

හම්බන්තොට මුල්කිරිගල දී 1964 වසරේදී උපත ලැබූ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය මියයන විට 61වන වියේ පසුවූවාය.

ඇය මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ඇතුළු ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් දායක වී තිබේ. මීට අමතරව, සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය වැනි චිත්‍රපට ගණනාවකද ඇය රංගනයෙන් දායක වී ඇත.

තිසුරි යුවනිකා නම් යොවුන් රංගන ශිල්පිනියගේ මව වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය එක්දරු මවකි.