මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා සම්මානය අනෝරා චිත්‍රපටය දිනාගත්තා. එමෙන්ම හොඳම අධ්‍යක්ෂවරයා ලෙස අනෝරා චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් සම්මානයට පාත්‍ර වුණා.
හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ඇඩ්‍රියන් බ්‍රෝඩි දිනා ගත් අතර, හොඳම නිළියට හිමි සම්මානය මිකී මැඩිසන් දිනාගත්තා. කියරන් කල්කින් හොඳම සහය නළුවා ලෙස නම් කෙරුණා සහ සෝ සල්ඩානා චිත්‍රපටය වෙනුවෙන් එමිලියා පෙරෙස්ස හොඳම සහය නිළිය ලෙස සම්මාන දිනා ගත්තා.
හොඳම තිර රචනය සහ හොඳම චිත්‍රපට සංස්කරණය සඳහා ද අනෝරා චිත්‍රපටය සම්මාන දෙකක් දිනා ගත්තා. හොලිවුඩයේ ඩොල්බි රඟහලේ පැවැති මෙම උත්සවයේ ඉදිරිපත්කරන්නා ලෙස මෙවර ප්‍රථම වරට කටයුතු කළේ ප්‍රකට ඉදිරිපත්කරන්නෙකු වන කොනන් ඕ’බ්‍රයන් විසින්.
හොඳම චිත්‍රපටය සඳහා චිත්‍රපට 10 ක් ඉදිරිපත් කර තිබුණා.