31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධිකරණයට භාරවූ වැඩබලන OICට ලැබුණු නියෝගය

අධිකරණයට භාරවූ වැඩබලන OICට ලැබුණු නියෝගය

අද (04) උදෑසන, වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති අතර, ඔහුව ඇප මත මුදාහැර ඇත. ඔහුව මුදාහැරීම සඳහා අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේ නියෝග කර ඇත.

මෙම භාරදීම සිදුවූයේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට භාරවී තිබුණි.

සැකකාර ලෙස හඳුනාගත් එම ස්ථානාධිපතිවරයාගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, හෙට (05) දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ද අධිකරණය නියෝග කර ඇත.