27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමකින් තරුණයෙකුට තුවාල

කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමකින් තරුණයෙකුට තුවාල

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති මුහුදු ප්‍රදේශයේ පාවෙන වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇත.

ඊයේ (03) සවස ඇතිවූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා ආරයම්පති හි පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් ය. ඔහු මුලින් ආරයම්පති රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.

මෙම පිපිරීම සිදුවූයේ තරුණයන් සිව්දෙනෙකු මුහුදේ දිය නාමින් සිටියදී, මුහුදේ පාවෙමින් තිබූ වස්තුව විවෘත කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී ය.

සිද්ධිය වූ ස්ථානයට පොලිසිය සහ හමුදා නිලධාරීන් පැමිණ ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.