29 C
Colombo
Tuesday, March 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජොන්ස්ටන්ගේ සතොස නඩුවට දුන් තීන්දුව

ජොන්ස්ටන්ගේ සතොස නඩුවට දුන් තීන්දුව

කොළඹ මහාධිකරණයේදී අද (04) හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව තිබෙන නඩුව යළි විභාගයට ගැනුණි. මෙම නඩුවේදී, 2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි. පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර නඩු විභාගය මාර්තු මස 24 වන දින දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

මෙම නඩුව අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ ගොනු කර ඇති අතර, හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව චෝදනා එල්ල වී ඇත.