29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබේ.

එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුදීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතීන් මේ වන විට ලබා ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ අනුව මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුදල් මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.