රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල් දැමීමට තීරණය කර ඇති බව සංගමය පවසයි. එම තීරණය ගත්තේ අද (04) දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා පැවසීය.
වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා අදහස් දක්වමින් පැවසුවේ, “අද අපි තීරණය කළා හෙට දිනයේදී පවත්වන්නට නියමිතව තිබූ මෙම සංඛේත වැඩවර්ජනය කල්තබා ගන්න. මාර්තු 21 වනදා තුන්වන අයවැය කියවීම දක්වා එය කල් දමනු ඇත.” ඔහු තවදුරටත් පැවසුවේ, “වෛද්‍යවරුන් ඉල්ලන අමතර රාජකාරී දීමනාව පැවැති 1/80 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත්, නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20 අගය ඒ ආකාරයෙන් පවත්වා ගන්නත් අවශ්‍ය සාධනීය මැදිහත්වීම කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වී ඇති බවයි.”