28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීට පස්සේ පොලීසියත් එක්ක සෙල්ලම් බෑ

මීට පස්සේ පොලීසියත් එක්ක සෙල්ලම් බෑ

රථ වාහන අනතුරු අවම කිරීමේ අරමුණෙන්, අමෙරිකාවේ නිෂ්පාදනය වූ නවීන තාක්ෂණික SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසියට ලබා දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම උපාංගය රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථකව භාවිතා කළ හැකි අතර, කිලෝමීටර් 1.2ක් (මීටර් 1200ක්) දුරකින් පවා මෝටර් රථයක් හඳුනා ගැනීමේ හැකියාව ඇති බව ඔහු සඳහන් කරයි.

මෙම උපාංගය හරහා රථවාහනයේ වේගය, රියදුරුගේ ඡායාරූපය සහ වාහන අංකය වැනි විස්තර ලබා ගත හැකි අතර, පටිගත කරන ලද වීඩියෝ පටයන් අධිකරණයේ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව ද ඇති බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි.