26 C
Colombo
Saturday, May 3, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවාහන ආනයනකරුවන්ට කොන්දේසි

වාහන ආනයනකරුවන්ට කොන්දේසි

මුදල් අමාත්‍යාංශය පවසන පරිදි, ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවනු ඇත.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වාලීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශය තවදුරටත් පවසන්නේ, පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය නම් එක් වාහනයක් පමණක් ආනයනය කළ හැකි අතර ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පසුගියදා පැවති රැස්වීමේදී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම කරුණු අනාවරණය විය.

එහිදී ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය මෙලෙස අදහස් පළ කළාය:

“2020 දී වාහන ආනයනය කරන එක තාවකාලිකව අත්හිටවනු ලැබුවා. තාවකාලිකව නවත්වපු එක අත්හිටුවන්නයි මේ ගැසට් එක නිකුත් කළේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අරගෙන තියෙනවා. මහ බැංකුවේ නිරීක්ෂණ අරගෙන තියෙනවා. ඒ අනුව තමයි ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. HS කෝඩ් 304ක් යටතේ වාහන ලංකාවට ගෙන්වීමට අවසර දීලා තියෙනවා. යම් යම් කොන්දෙසි වලට යටත්ව, කොන්දෙසි වශයෙන් කිව්වොත් මේ ගෙන්වන වාහන දින 90ක් ඇතුලත ලියාපදිංචි කරන්න ඕනේ. එහෙම ලියාපදිංචි කරලා නොතිබුනොත් 45%ක උපරිමයකට යටත්ව CIF වලින් 3% බැගින් වු දඩ මුදලකට යටත් වෙනවා. ඒ වගේම මාස 6ක් ඇතුලත ගෙන්න ප්‍රමාණය 25% ලියාපදිංචි කරලා නොතිබුණොත් ඒ අයගේ ආනයනය කිරීමේ හැකියාව නවතිනවා. ඒ කොන්දෙසි යටතේ වාහන ආනයනයට දීලා තියෙන අවසරය නවත්වනවා.”