30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආකර්ෂණීය පොලී අනුපාතිකයක් ප්‍රදානය කළ රූමතිය අත්අඩංගුවට

ආකර්ෂණීය පොලී අනුපාතිකයක් ප්‍රදානය කළ රූමතිය අත්අඩංගුවට

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මෙම සැකකාරිය වයස අවුරුදු 31 ක් වන බදුල්ල, කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ඊයේ (09) පස්වරුවේ හැටන් දුම්රියපොල අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා ආකර්ෂණීය පොලී අනුපාතික ප්‍රදානය කරන බවට ප්‍රචාරය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 450ක පමණ මුදලක් ලබාගෙන, එම මුදල් නොදී සැඟවී සිටි බවයි.

හැටන් පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.