27.9 C
Colombo
Tuesday, March 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට

කිරිවෙහෙර විහාරාධිපති හිමි CIDයට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බවට වාර්තා පළවේ.

රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.