29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට

මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙකු බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබේ.

රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදී ඊයේ (10) දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණි.

රුවන්වැල්ල සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණකරු පාපුවරුවෙහි වාඩි වී ඇති බවත්, ඒ සමඟම පාපුවරුවෙන් ඇද වැටී ඇති බවත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.