30.6 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමර්වින් සිල්වා බන්ධනාගාර රෝහල් වාට්ටුවට ගියේ ලෙඩක් නිසාමද?

මර්වින් සිල්වා බන්ධනාගාර රෝහල් වාට්ටුවට ගියේ ලෙඩක් නිසාමද?

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරයි.

ඔහු සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා හැර මර්වින් සිල්වා මහතා පමණක් එම බන්ධනාගාර රෝහලේ වාට්ටුවක රඳවා ඇති අතර ඔහුට කිසිදු අමතර පහසුකමක් නොසපයන බවත් ඔහුගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

සැකකාර මර්වින් සිල්වා මහතා නවක සැකකරුවන් රඳවා තැබෙන රෝහලට යාබද සිර වාට්ටුවක මේ වනවිට පසුවෙන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරයි.