30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාපතරයාට සැඟවෙන්න උදව් කළ සහෝදරිය සහ තවත් අයෙක් අත්අඩංගුවට

පාපතරයාට සැඟවෙන්න උදව් කළ සහෝදරිය සහ තවත් අයෙක් අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ දී මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක්කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් සහ 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

මේ අතර අදාළ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරු ඊයේ දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී ගල්නෑව පොලීසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් එක්ව සිදුකළ සෝදිසියකදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට අනුරාධපුර පොලිස් ස්ථාන භාරයේ පසුවේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ වෛද්‍යවරිය බිය ගැන්වීම සඳහා භාවිත කළ පිහිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. කෙසේවෙතත් අදාළ සිද්ධිය වූ අවස්ථාවේ දී සැකකරු විසින් රැගෙන ගිය වෛද්‍යවරියගේ ජංගම දුරකථනය පොලීසිය විසින් මේ වන විටත් සොයාගෙන නොමැති බව වාර්තා වේ.