30 C
Colombo
Thursday, March 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරාහුල කුමරුන්ට දායාදය ලබා දුන් මැදින් පුර පසළොස්වක පොහොය අදයි

රාහුල කුමරුන්ට දායාදය ලබා දුන් මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.

මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා වැඩම කිරීම සිදු විය.

සුද්ධෝදන රජු තම පුත‍්‍ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසු වූ අතර නව වතාවක්ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට ධූත පිරිස් යැවූ බවයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ.

ඒ සියලූ දෙනාම බුදුරදුන් සමීපයේ පැවිදිව එහිම කල් ගෙවූහ.

අනතුරුව කාළුදායි ඇමැතිවරයා ධූත පිරිසක් සමඟ බුදුරදුන් වැඩමවා ගෙන ඒමට යැවූ අතර ඔහු ද බුදුරදුන් වෙත ගොස් පැවිදිව නොබෝ දිනකින් බුදුරදුන් අමතා පියරජු ඇතුළු ශාක්‍ය වංශික ඥාතීහු උන්වහන්සේ දැක බලා ගැනීමට ඉමහත් කැමැත්තෙන් සිටින බව දැන්වීය.

කාළුදායි රහතන් වහන්සේ මහණ වී සතියකින් පමණ බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙසට ආරාධනා කළහ. බුද්ධත්වයෙන් දස මසක් සම්පූර්ණ විය.

අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරුකරවාලීම සඳහා බුදුන් වහන්සේ යමාමහ පෙළහර පෑවේ එම ගමනේදී බවයි සඳහන් වන්නේ.

දායාද ඉල්ලා පැමිණි රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ උතුම් දායාදය ලබා දුන්නේද මැදින් පෝය දිනකදීය.

රජ කිරුළ හැර දමා ගොස් පැවිද්ද ලැබූ සිද්ධාර්ථ කුමරුන්ගෙන් පසුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව ඉන්පසුව කිරුළු දැරීම සඳහා උරුමය ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කනස්සල්ලට පත්වීම නිසා දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුලදරුවන් පැවිදි නොකරන මෙන් පිය රජු බුදු හිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදීය.

යශෝධරාවන්ගේ සිත තුළ පැවැති වියෝ දුක තුනී කරවීම සඳහා සඳකිඳුරු ජාතකය බුදු හිමියන් දේශනා කර වදාළේද මෙදිනමය.