ලොව පදිංචි වීමට සුදුසුම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
ලොව ප්‍රකට Condé Nast Traveler සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම ඔවුන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට තෝරා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන Condé Nast Traveler සඟරාව මගින් නිකුත් කරන ලද නවතම වාර්තා මගින් 2025 දී පවුලකට එක්ව සංචාරය කළ හැකි ලොව හොදම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර ගත් Condé Nast Traveler ලොව ප්‍රකට සංචාරක සඟරාවකි.
2025 මාර්තු මාසයේ නිකුත් කළ කලාපයට අනුවයි ඔවුන් මෙම වාර්තාව එළිදක්වා ඇත්තේ.
ඒ අනුව රටවල් 82ක නිර්ණායක 24ක් ඔස්සේ සලකා බලා මෙම තෝරා ගැනීම සිදුකර තිබෙනවා.
ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍ය පිළිවෙලින් හොඳම දෙවන හා තෙවන ගමනාන්ත බවට පත්ව සිටි.
පළමු ස්ථාන 10ට ඇතුලත් එකම ආසියානු රට වන්නේ ද ශ්‍රී ලංකාවයි.
එමෙන්ම නවසීලන්තය , අයිස්ලන්තය , ජර්මනිය , ෆින්ලන්තය , ඩෙන්මාර්කය , ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව පිළිවෙලින් අනෙකුත් ශ්‍රේණිගත කිරීම්වලට පැමිණ තිබෙනවා.
තම පවුලත් සමග වෙනත් රටකට සංක්‍රමණය විමේ දී කරුණු රාශියක් සලකා බැලිය යුතු බව සී එන් ට්‍රැවල් සඟරාව පෙන්වා දෙනවා.
රටේ සංස්කෘතිය , රැකියාවක් සොයා ගැනිමේ පහසුකම්, ප්‍රවාහන පහසුකම් සංක්‍රමණය වීමට පෙර පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්න බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම අදාළ රටේ සෞඛ්‍ය , ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය කෙබදු ද යන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමත් සිදුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය, ජාතික වනෝද්‍යාන , මනරම් වෙරළ තීරයන් , රසවත් ආහාර , අතිවිශිෂ්ට සාප්පු සවාරි අත්දැකීම්වලට ද ශ්‍රී ලංකාව ඉමහත් ප්‍රසිද්ධියක උසුලන බවයි අදාළ සඟරාව පෙන්වා දී ඇත්තේ.