26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වන අතර, එය මාර්තු 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ ආකාරයට, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා හාරලක්ෂ හැත්තැහතර දහස් එකසිය හතළිස් හත්දෙනකු (474,147) පෙනී සිටීමට නියමිතයි. ඒ අතරින් පාසල් අයැදුම්කරුවන් තුන්ලක්ෂ අනූ අටදහස් එකසිය අසූ දෙදෙනකු (398,182) සහ පෞද්ගලික අයැදුම්කරුවන් හැත්තෑපන්දහස් නවසිය හැටපස් දෙනකු (75,965) වෙති.

මෙම විභාගය විභාග මධ්‍යස්ථාන 3663ක දී පැවැත්වීමට නියමිත වන අතර, විභාග කාලසීමාව තුළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් ද පවත්වාගෙන යන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

තවද, රත්මලාන, තංගල්ල, මාතර, හලාවත, කොළඹ මැගසින් බන්ධනාගාරය, වටරැක සුනීත විද්‍යාලය, මහරගම අපේක්ෂා රෝහල, කෛනඩි නෆීල්ඩ් විශේෂ පාසල යන විශේෂ විභාග මධ්‍යස්ථානවල ද විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු විභාග අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.