30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරගය තීරණයකින් තොරව අවසන් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, නවසීලන්ත කාන්තා කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දුන්නේය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 14යි එක්පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය.

තරග තීරකයින් වර්ෂාව හේතුවෙන් තරගය අතහැර දැමීමට තීරණය කළහ.

මේ අනුව, තරග තුනකින් සමන්විත දෙරට අතර 20යි 20 ක්‍රිකට් තරගාවලිය 1-1 ලෙස ජය පරාජයකින් තොරව නිමා විය.