26.7 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

මාස 9කට පසු ISS හි සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා පෘතුවියට

මාස 9කට අධික කාලයක් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටින නාසා ගගනගාමී දෙදෙනා පෘථිවියට ගොඩ බැස තිබේ. එලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටුවී සිටියේ, සනි විලියම්ස් සහ බුච් විල්මෝර් යන දෙපලය.

තවත් අමෙරිකානු ගගනගාමියෙක් සහ රුසියානු අජටාකාශගාමියෙක් සමගින් ඔවුන් පෘථිවියට පැමිණෙන්නේ පසුගිය 16 වනදා ඒ වෙත ළඟා වූ ස්පේස් එක්ස් ඩ්‍රැගන් යානයෙනි. පෘථිවියට පැමිණීමේ අපේක්ෂා පිළිබඳ අදහස් පළ කළ සනි පවසා තිබුණේ තමන්ට දැන් ඇවිදින ආකාරය පවා අමතකව ඇති බවය.