පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධ වන්නේ මීට මාස කිහිපයකට පෙර වැලිකන්ද පොලීසිය විසින් ගවයින් 20 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, එම ගවයන් රජයේ ගොවිපොළකට භාරදීමට නියෝග කර තිබියදීත්, නැවත ජාවාරම්කරුවන් දෙදෙනාටම විකිණීමේ චෝදනාවටය.
“අද දෙරණ” වාර්තාකරු පැවසූ අන්දමට, අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.
වාර්තා වන පරිදි, වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව නිර්නාමික පෙත්සමක් මගින් පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයාට කරුණු දැක්වීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත්වරයා පෞද්ගලිකව ඒ පිළිබඳ සොයා බලා ඇත.
ඒ අනුව එහි විමර්ශන කටයුතු සිදුකරන ලෙසට පොලිස්පතිවරයාට සහ උතුරු මැද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරයා විසින් භාරදී තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මගින් 18 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මගින් අධිකරණයට දැනුම් දී ඇත්තේ ප්‍රධාන සැකකරු වන වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා සැඟව සිටින බවයි.
මෙම නඩුවට අදාළ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව වරෙන්තුවක් නිකුත්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද පොළොන්නරුව අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග