31 C
Colombo
Wednesday, April 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැඟවී සිටි දේශබන්දු අධිකරණයට හමුවට

සැඟවී සිටි දේශබන්දු අධිකරණයට හමුවට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් පෙරේදා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන ලදී.

මේ අනුව, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මෙම තත්ත්වය යටතේ, අද දින (19) පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇත.