30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලා 57ක් අත්අඩංගුවට

ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලා 57ක් අත්අඩංගුවට

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත. 

ඊයේ (23) රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය පවසයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි  සැකකරුවන් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.