26.1 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලුතර නිවසක ගින්නකින් දරුවෙකු ජීවිතක්ෂයට

කලුතර නිවසක ගින්නකින් දරුවෙකු ජීවිතක්ෂයට

කළුතර රජවත්ත-ගමගොඩ පාර ප්‍රදේශයේ නිවසකට එල්ල කළ බවට පැවසෙන පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හයක දරුවකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධීයෙන් අවුරුදු 28 ක් වයසැති කාන්තාවක් සහ අවුරුදු 06ක් වයසැති පිරිමි දරුවෙකු තුවාල ලබා කලුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා. බරපතල පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුණු මෙම දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

ඊයේ රාත්‍රීයේ රජවත්ත-ගමගොඩ පාර ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණී දෙදෙනෙකු විසින් පෙට්‍රල්වලින් සෑදු ගිනි දල්වන ලද බෝතලයක් විසි කර පළා ගොස් තිබුණා.

දරුවාගේ මව මේ වන විට විදේශගතව සිටින අතර, දරුවා රැක බලාගෙන ඇත්තේ තුවාල ලැබූ කාන්තාව විසින්.