31 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅද සිට ඇරඹෙන බදු සංශෝධන

අද සිට ඇරඹෙන බදු සංශෝධන

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින්ට තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බවයි.

එම සහනය ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් අදාළ බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අද (01) දිනයේ සිට ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බැංකු සහ මූල්‍ය ආයතන දැනුවත් කර ඇත.

අද සිට, මෙරට මූලාශ්‍රයක් සහිත පොලිය, වට්ටම් සහ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු මඟින් ලැබූ ආදායම් ගෙවීම් සඳහා රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු ලෙස කටයුතු කරන ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ චක්‍රලේඛය මඟින් පොලී ආදායම සියයට 10ක අනුපාතයකින් අත්තිකාරම් අදායම් බද්දට යටත් වුවද, තක්සේරු වර්ෂය සඳහා ආදායම රුපියල් ලක්ෂ 18 නොඉක්මවන පුද්ගලයින්ට බදු සහන ඉල්ලා සිටිය හැකි බවයි.

තවදුරටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් මූලාශ්‍රවලින් තක්සේරු කළ හැකි ආදායම පිළිබඳව ස්වයං ප්‍රකාශයක් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර එම බදු සහනය ලබා ගත හැකි බවයි.

මෙතෙක් රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකුට පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000 දක්වා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත.

රජය පෙන්වා දෙන්නේ මෙම සංශෝධනය හේතුවෙන් අඩු ආදායම්ලාභී බොහෝ පිරිසකට බදු සහන හිමිවන බවයි.

දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව, විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම් සඳහා වන සියයට 15ක බදු අයකර ගැනීමද අද සිට ක්‍රියාත්මක වේ.

තවද, දේපොළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුවද අද සිට ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ, රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් රුපියල් 10ක් ලෙස තිබූ මුද්දර ගාස්තුව අද සිට රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති බවයි.