24.5 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාමර සම්පත් යළි රිමාන්ඩ්

චාමර සම්පත් යළි රිමාන්ඩ්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) දින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මන්ත්‍රීවරයා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

මන්ත්‍රීවරයා නඩු තුනක් සම්බන්ධව පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, නඩු දෙකකින් ඔහුට ඇප හිමි වුවද, එක් නඩුවකට අදාළව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මෙම නඩුව 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලූ අතර, එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වේ.

අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ නඩුව කැඳවනු ලැබූ අතර, මෙම සිද්ධියට අදාළ විමර්ශන තවමත් අවසන් නොවූ බව අල්ලස් කොමිසම විසින් අධිකරණයේදී පැහැදිලි කරන ලදී.

මහෙස්ත්‍රාත්වරිය එම කරුණු පිළිගෙන මන්ත්‍රීවරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළාය.Retry