බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඉන්ධන මිල ගණන් අඩු වුවද ත්‍රිරෝද ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි.
සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා අද (01) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ, ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට වඩා විධිමත් නියාමනයක් හරහා වඩාත් ඵලදායි සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා රජය මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.
“පෙට්‍රල් ලීටරයකින් අඩුවී ඇත්තේ රුපියල් 10ක් පමණයි. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක් ලීටරයකින් කිලෝමීටර් 20ක පමණ දුරක් ධාවනය කරයි. ඒ අනුව, ශත 5ක් අපි රඳවා නොගෙන රුපියල් 10ම අඩු කළත් කිලෝමීටරයකට අඩු කළ හැක්කේ ශත 50ක් පමණයි. මෙය ප්‍රායෝගික නැහැ. දැනටත් නිශ්චිත ගාස්තු නිර්ණයක් නොමැතිව හිතූමතයට ගාස්තු අයකරන ත්‍රිරෝද රථ මුළු ලංකාව පුරාම ඇත. එබැවින් ශත 50ක් හෝ රුපියල් 10ක් අඩු කිරීම විසඳුම නොවේ. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ වඩාත් ඵලදායි හා විශ්වාසනීය ත්‍රිරෝද රථ සේවයක් ඇති කිරීමයි. මෙම රුපියල් 10ක අඩුවීම තුළින් ත්‍රිරෝද රථ ගාස්තුවේ අඩුවීමක් සිදුවන්නේ නැහැ.”