27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු උතුරුමැද පළාත් ප්‍රධාන ඇමති එස්. එම් රංජිත් සහ නෑනාට වසර 16ක...

හිටපු උතුරුමැද පළාත් ප්‍රධාන ඇමති එස්. එම් රංජිත් සහ නෑනාට වසර 16ක බරපතළ වැඩ සහිතව සිරදඬුවම්

හිටපු උතුරුමැද පළාත් මහ ඇමති එස්. එම් රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ (නෑනා) ශාන්ති චන්ද්‍රසේන හට වසර 16 බැගින් වූ බරපතළ වැඩ සහිත ව සිර දඬුවම් නියම කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවා.

එමෙන්ම රුපියල් ලක්ෂ 02ක බැගින් වූ දඩ මුදල් ද ගෙවීමට නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම්; තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කරන බව ද අධිකරණ විනිසුරුවරයා දැනුම්දුන්නා.

උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500ක් ලබාගැනීම තුළින් දූෂණය නමැති වරද අංක 01,02 හා 03 සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර තිබුණා.

එම දෙවැනි විත්තිකාරියට (ශාන්ති චන්ද්‍රසේන) ඇයගේ වැටුපත් සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදීත් එලෙස රුපියල් ලක්ෂ 21කට ආසන්න ඉන්ධන දීමනාවක් අමතරව ඇනවුම් මගින් ලබා ගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මේ අතර ප්‍රධානයි.