28.9 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශම්මි අයිසීසීයේ කමිටු 3කට පත් කෙරේ

ශම්මි අයිසීසීයේ කමිටු 3කට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ව සිව්වැනි වරටත් සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබේ.

ඒ ඊයේ (01) පැවති එම කවුන්සිලයේ රැස්වීමකදීය.

ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව සහ නාමයෝජනා කමිටුව සඳහා පත් කිරීමට පියවර ගෙන ඇත.

මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ශම්මි සිල්වා මහතා අඛණ්ඩව සිව්වැනි වරටත් සභාපති ධුරයට නිතරගෙයන් තේරීපත්වුණි.

ඒ 2025 – 2027 වසර දෙකක කාලයක් සඳහායි.

ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපතිවරයාද වෙයි.