25 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය අගමැතිවරයාට අපෙන් මිත්‍ර විභූෂණ සම්මානය

ඉන්දීය අගමැතිවරයාට අපෙන් මිත්‍ර විභූෂණ සම්මානය

මිත්‍ර රාජ්‍ය නායකයකුට ශ්‍රී ලංකාව විසින් පිරිනැමිය හැකි ඉහළම සම්මානය වන මිත්‍ර විභූෂණ සම්මානය අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතින් ලබා ගත්තේය. මෙම ගෞරවනීය සම්මාන උළෙල ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අවස්ථාවට සමගාමීව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම සහ දෙරටේ නායකයන්ගේ ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවද සිදුවිය.

මිත්‍ර විභූෂණ සම්මානය ශ්‍රී ලංකාවේ සංස්කෘතික සංකේත සහිත උතුම් සම්මානයක් වන අතර, එහි ගොයම් කරල, හිරු සහ සඳු යන ජාතික සංකේත අන්තර්ගත වේ. එමෙන්ම, සෙන්ටිමීටර 6.5 ක විශ්කම්භයකින් යුත් වට්ටෝරු නව රත්න මැණිකක් එයට බඳුන් කර ඇත.