30 C
Colombo
Saturday, April 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමීගමුව රෝහලේදී තරුණියකට කළ හදිය

මීගමුව රෝහලේදී තරුණියකට කළ හදිය

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇත. ප්‍රතිකාර ක්‍රියාවලියේදී වෛද්‍යවරයා විසින් තරුණියට හිංසනය කර ඇති බව පැමිණිල්ලේ වැඩිදුර විස්තර කර ඇත.

මෙම චෝදනාව සම්බන්ධව විමසීමකදී, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැහැදිලි කර සිටියේ, චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා පෙරදීම සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද බවයි. ඔහු 2021 වර්ෂයේදීම විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් සංගමයෙන් නෙරපා දැමුණු බව විජේසිංහ මහතා පෙන්වා දුන්නේය.

මීට අමතරව, විජේසිංහ මහතා අවධාරණය කර සිටියේ මෙම තීරණාත්මක සිදුවීම පිළිබඳව අපක්ෂපාතී හා සාධාරණ පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු බවත්, චෝදනාව සනාථ වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. “මෙම සිදුවීම අපට සුළු කොට සලකන්න බැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු ආකාරයකින් වැරදිකරුවන් ආරක්ෂා කිරීමට සූදානම් නැත. පරීක්ෂණ කටයුතු සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනු ඇත” යනුවෙන් ඔහු පැවසීය.

මීගමුව රෝහල් අධිකාරිය විසින් ද අදාළ සිදුවීම පිළිබඳ වාර්තාවක් සකස් කර ඇති අතර, පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වේ.