27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිංහලෙන් සහ දමිළ බසින් ශ්‍රී ලංකාවට ආ මෝදි තැබූ X සටහන

සිංහලෙන් සහ දමිළ බසින් ශ්‍රී ලංකාවට ආ මෝදි තැබූ X සටහන

තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (04) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල X ගිණුමේ සිංහල හා දමිළ භාෂාවෙන් පණිවුඩයක් පළ කර තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ, “කොළඹට පැමිණියෙමි. ගුවන් තොටුපොළේදී මා පිළිගත් අමාත්‍යවරුන්ට හා සම්භාවනීය පිරිසට මගේ කෘතඥතාවය ප්‍රකාශ කරමි. ශ්‍රී ලංකාව තුළ මගේ වැඩසටහන් සඳහා බලාපොරොත්තුවෙන් සිටිමි.” යනුවෙනි.

කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ විජිත හේරත් හා නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන් විසිනි. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, එම උත්සවයට සරෝජා සාවිත්‍රී පෝල් රාජ්, ක්‍රිෂාන්ත අබේසේකෝන් හා අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් ද සහභාගී විය.

මෙය අග්‍රාමාත්‍ය මෝදි මහතාගේ ශ්‍රී ලංකාවට සිව්වන රාජ්‍ය සංචාරය ලෙස සැලකේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනය මත ඔහු මෙවර දිවයිනට පැමිණ ඇත.