31 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ ප්‍රති­ඵල අවු­රු­ද්දෙන් පසුව

උසස් පෙළ ප්‍රති­ඵල අවු­රු­ද්දෙන් පසුව

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගයේ ප්‍රති­ඵල අලුත් අවු­රුදු කාල­යෙන් පසුව නිකුත් කිරී­මට අපේක්ෂා කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා අප කළ විම­සී­මේදී ඊයේ (07) පැව­සීය.

රට පුරා මධ්‍ය­ස්ථාන 2312කදී මෙම විභා­ගය පැවැ­ත්විණි. විභා­ගය සඳහා සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,183ක් පෙනී සිටි අතර ඉන් 253,390ක් පාසල් අය­දු­ම්ක­රු­වන් සහ 79,793 පෞද්ග­ලික අය­දු­ම්ක­රු­වන් විය.

උසස් පෙළ විභා­ගය 2024 නොවැ­ම්බර් මස 25 වැනිදා සිට දෙසැ­ම්බර් 31 වැනිදා දක්වා පැවැ­ත්විණි.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගයේ ජෛව පද්ධති තාක්ෂ­ණ­වේ­දය (66) විෂ­යට අදාළ ප්‍රායෝ­ගික පරී­ක්ෂණ පැවැ­ති­යේද පෙබ­ර­වාරි මස 08 වැනිදා සිට 10 වැනිදා දක්වාය.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ පිළි­තුරු පත්‍ර ඇග­යීම මාර්තු 01 වැනිදා සිට ආරම්භ කෙරිණි.

ඇග­යීම් මධ්‍ය­ස්ථාන 1066කදී පිළි­තුරු පත්‍ර ඇගැ­යීම සිදු කරන අතර ඒ සඳහා ගුරු­ව­රුන් 15,000කට අධික සංඛ්‍යා­වක් සහ­භාගි වේ.

සාමාන්‍ය පෙළ විභා­ගයේ පළමු අදි­යරේ ඇග­යීම් කට­යුතු අනිද්දා (10) අව­සන් කිරී­මට විභාග දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කර ඇත.

පසු­ගි­යදා පැවති උසස් පෙළ විභා­ගයේ ප්‍රති­ඵල නිකුත් කරන බවට ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව නිල වශ­යෙන් මෙතෙක් දැනුම් දී නොමැති බවත් උසස් පෙළ විභා­ගයේ ප්‍රති­ඵල අද හෙටම නිකුත් කරන බවට පළ වන වාර්තා­වන්හි කිසිදු සත්‍ය­තා­වක් නොමැති බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.