26 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචාමරට ඇප

චාමරට ඇප

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවධියේ, එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා, එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම මගින් පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම නඩුව අද (08) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ විභාගයට ගන්නා ලදී.

අල්ලස් කොමිසමේ නීති නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ, සැකකරු වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශන අවසන් වී ඇති බැවින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාවක් ඔහුට නොමැති බවත් ය.

ඒ අනුව, සැකකරු ඇප මත නිදහස් කරන මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

මෙම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත නිදහස් කිරීමට නියෝග කළාය.