27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාමර අදත් අධිකරණය හමුවට

චාමර අදත් අධිකරණය හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (08) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මන්ත්‍රීවරයා දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

2016 වසරේදී ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි දසනායක මහතා, පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබා දීමට රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා සිටි අතර, එම ඉල්ලීම බැංකුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කළ බවට සැක කෙරේ. මේ හේතුව මත ඔහු අත්අඩංගුවට ගෙන, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.