23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා වැලි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහු ඇප මත මුදා හරින ලෙස නියම කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ අද මෙම පැමිණිල්ල කැඳවනු ලැබිණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කර ඇති බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති නිසාත්, සැකකරු සාක්ෂිකරුවන්ට තර්ජනය කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති නිසාත් ඔහු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට නියම කළාය. එසේම, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කරන ලෙස නියම කළාය.