ව්‍යාජ ලිපිලේඛන සකස් කර කතරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට පහසුකම් සපයා ආධාර අනුබල දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පූර්ණ විමර්ශනයකින් පසුව තිස්සමහාරාම ප්‍රදේශයට ඊයේ (09දා) පෙරවරුවේ ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් අශෝක වික්‍රමසිංහ මහතා කතරගම ප්‍රාදේශීය සභාවට තරග කිරීමට ඉදිරිපත්ව සිටී.
කතරගම ප්‍රදේශයේ මැණික් ගඟ ඉවුරේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
අශෝක වික්‍රමසිංහ මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අතර පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වී ඇත. පසුව මෙවර පළාත් පාලන මැතිවරණයේදී හෙතෙම සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරගවදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.