30 C
Colombo
Thursday, October 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති පක්ෂ නායක හමුව අද

ජනපති පක්ෂ නායක හමුව අද

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පෙරවරු 11.00ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ බදු සංශෝධන ශ්‍රී ලංකාවට ඇති කරන බලපෑම සහ එම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව විස්තර සාකච්ඡා කෙරෙනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන මෙම සාකච්ඡාවට විපක්ෂ නායකවරයා, විවිධ පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වනු ඇත. මීට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් 12 දෙනකු මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමේ ඉල්ලීමක් කර තිබුණා.

රජය විසින් එම ඉල්ලීමට කන් දෙමින්, වහාම ප්‍රතිචාර දක්වමින් මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇත.